ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරු ඊයේ  (4 ) මධ්‍යම රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළහ.

අදාල චෝදනා සාවද්‍ය බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බවත් එම නීතිඥවරු කීහ.

 නීතිඥ අකලංක උක්වත්ත මහතා මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම මහතා ද මෙම අවස්ථාවට එක් විය.