ජනාධිපතිගේ ඉරාන සංචාරය අවලංගු කරයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉරාන සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
 
ඉරාන රජයේ නිල ආරාධනයකට අනුව ලබන 21 වැනි දා ජනාධිපතිවරයා ඉරානයේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටියේය.
 
ඉරාණ නිල සංචාරයට වෙන් කළ දිනයන්හි වෙනත් අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු යෙදීම නිසා ජනාධිපතිවරයා මෙම සංචාරය අවලංගු කරීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.