ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්


(දිනේෂ් සමරකෝන්)

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය කොළඹ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපට අසුන් ගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

වැන්දඹු වැටුප් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

විරෝධතාවය ආරම්භයට පෙර විරෝධතාකරුවන් පාගමනින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති ලේඛම් කාර්යාලය දක්වා පැමිණීමට කටයුතු කළහ. 

 (ඡායාරූප: ශාන්ත රත්නායක)