ජනවාරියේ සිට යුරෝපයට අපේ මාලු?


ශ්‍රීලංකාවේ සිට යුරෝපයට මසුන් අපනයනය කිරීම තහනම් කරමින් පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති හෙයින් ලබන වසරේ මුල් කාර්තුව වන විටදී නැවත වරක් යුරෝපයට මසුන් අපනයනය කිරීමට හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

පනවා ඇති සම්බාධක නිසාවෙන් ශ්‍රීලංකාවට වසරකට අත්විඳීමට සිදුව ඇති පාඩුව ඩොලර් ලක්ෂ 2000 කට ආසන්නය.

ඉන්දියා ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම පිළිඹද අදහස් දැක්වීමකද යෙදුණු අමාත්‍යවරයා ඉදිරියේදී එවන් ධීවරයින් අත්අඩංගුවට නොගෙන ඔවුන්ගේ ආම්පන්න රාජසන්තක කිරීමටද ඔවුන්ගෙන් දඩ මුදලක් අය කරගැනීමටද පියවර ගන්නා බව පැවසීය.

 ධීවර ගැටලුව සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා සමග නොව සෘජුවම ඉන්දියා මධ්‍යම රජය හා සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ඔහු කීය.