ජනවාරියේ සිට දෙමළෙන් කට උත්තර


ජනවාරි පළමුවැනිදා සිට උතුරේ ඕනෑම පොලීසියකදී දෙමළෙන්  කට උත්තර දිය හැකි බව යාපනයේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් යාපන දිස්ත්‍රික් සිවිල් සම්බන්ධිකරණ කමිටුවේදී අද ප්‍රකාශ කළේය.

ඒ සදහා සියලු විධිවිධින යොදා ඇතැයි ද පොලිස්පතිවරයා කීය.

සුළු කර්මාන්ත ඇමැති ඩග්ලස් දේවානන් ද,යාපනය මහ දිසාපති සුන්දරම් අරුමෙයනායගම් යන මහත්වරු  මේ අවස්ථාවට සහභාගී වුහ.