ජනවාරියේ වාහන ලියාපදිංචිය අඩුවෙලා


දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී වාහන ලියාපදිංචි ය 42% කින් පහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේනතුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම දෙපාර්තමේනතුවේ දත්ත වලට අනුව පසු ගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මෝටර් රථ පමණක් ලියාපදිංචිය 52% කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනූව පසුගිය දෙසැම්බර් මාසයේදී 7177 ක් වූ මෝටර් රථ ලියාපදංචිය ජනවාරි මාසයේ දී 3480 ක් දක්වා පහළ ගොස් ඇත.

එමෙන්ම වාහන ලියාපදිංචියේ දී පසුගිය වසරේ ‍නොවැම්බර් මාසයේ වාහන 62423 ක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇතැයි එම ප්‍රකාශකයා කීය.

එම ප්‍රමාණය පසුගිය දෙසැම්බර් මාසය වන විට 57356 ක් ලෙසත් ජනවාරි මාසය වන විට 32801 ක් ලෙසත් පහළ ගොස් තිබේ.

ජනවාරි මාසයේ පමණක් ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණයෙන් 22225 ක් යතුරුපැදි වන අතර මෝටර් රථ 3480 ක්. ත්‍රී රෝද රථ 3405 ක් වශයෙන් ලියාපදිංචි කර ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

පසුගිය කාලයේ වාහන මිල ගණන් වල සිදු වුණු උච්චාවචනය මෙසේ වාහන ලියාපදිංචිය අඩු වීමට බලපාන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.