‘ජාතිවාදී ආගම්වාදී උගුලකට නැවත අහු නොවෙමු‘. යන තේමාව මුල් කර ගනිමින් ‘සම අයිතිය ව්‍යාපාරය‘ සංවිධානය කළ විරෝධතාවක් අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්විණි.
අලුත්ගම, ධර්ගා ටවුන් වැනි ප්‍රදේශවල ගැටුම්වලින් පසුව මහා සංඝරත්නයද, ඉස්ලාම් පුජක වරුන්ද මීට එක්වුහ. ජාතින් අතර සමගිය ගොඩනැවීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමත් මෙහි අරමුණ වු අතර සිවිල් සංවිධාන සාමාජික සාමාජිකයන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන්, විවිධ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ස්වාමින් වහන්සේලා සමග ඉස්ලාම් පුජක වරුන්ද එකට එක්ව ජාතික සමගිය ගැන ලියු පුවරු ප්‍රදර්ශනය කරන අයුරු ද දැකගත හැකි විය.

