ජනවසම සභාපති ඉල්ලා අස්වෙයි


(අංජුල මහික වීරරත්න)
 
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.
 
ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට බාර දුන් බව ජයන්ත තිලකරත්න මහතා ලංකාදීපයට පැවසීය.
 
ඉල්ලා අස්වීමට හේතුව මාධ්‍යයට හෙළි කිරීම අනවශ්‍ය බවද තිලකරත්න මහතා කීය. ජයන්ත තිලකරත්න මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ය.