ජනවරම සිල්ලරට අලෙවි නොකරන බව විශ්වාසයි - සජිත් ප්‍රේමදාස


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන බව තමාට විශ්වාස යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත් වූවානම් එතුමන් පොලොවෙන් අඩි හයක් යට වළලන්නට සැලසුම් කළ පිරිසට පවා අද ජනාධිපති හමුවීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ඇති බවද ප්‍රේමදාස මහතා කීය.

අනුරාධපුරයේ නව නිවාස විවෘත කිරීමේ උත්සවයකට සහභාගීවෙමින් සජිත් ප්‍රේමදාස මහතා අද (08) මේ බව පැවසීය.