ජනරාල් සරත් ෆොන්සේකා මන්ත්‍රීකම ගන්න උසාවි යයි


යුද්ධාධිකරණ දෙකින් හා මහාධිකරණයෙන් ලැබුණු සිර දඬුවම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ තමාට  මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පූර්ණ සමාව ලබා දී ඇති හෙයින් නැවතත් පාර්ලිමේන්තු අසුන හා පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායකට නියෝග කරන්නැයි ඉල්ලමින් හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මැන්ඩාමුස් රීට් පෙත්සමක් ගොනු කෙළේය.