මෙරට හිටපු යුද හමුදාපතිවරයකු වූ ජනරාල් ශ්‍රී ලාල් වීරසූරියට එරෙහිව දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබේ.
ජනරාල් වීරසූරිය 1990 දී එවකට යුද හමුදා ආඥාපතිවරයකුව සිටියදී සිදුවූ බව කියන සිද්ධි මුල්කර ගනිමින් දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය විසින් එරට විදේශ අපරාධ සඳහා වූ විශේෂ ඒකකයේ කොමසාරිස්වරයා වෙත එම චෝදනා ගොනු කර ඇතැයි ග්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.
ජනරාල් වීරසූරිය මේ දිනවල දකුණු අප්‍රිකාවේ සමුළුවකට ගොස් සිටී.

