රත්මලානේ ජනරළ පුවත්පත් මුද්‍රණාලයට අද(16) දවල් ගල්කිස්ස පොලිසියේ විශේෂ කාර්්‍යාංශයෙන් පැමිණ සේවකයන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා ‘ලංකාදීපය‘ට පැවැසීය.
ජනරළ පුවත්පතේ පසුගිය කලාපයේ රන් ජාවාරමක් සම්බන්ධයෙන් පළ වූ පුවතක් ගැන හා පුවත්පතේ මුද්‍රණ කටයුතු හා අ්‍යන්තර තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය සේවකයන්ගෙන් විමසා ඇතැයි ඔහු කීය.
එහි සේවකයන් පැවැසූ විස්තරවලට අනුව පොලිසිය තමාගෙන් ද තොරතුරු ලබාගන්නට නුගේගොඩ, දෙල්කඳ පිහිටි ජනරළ පුවත්පත් කාර්්‍යාලයට පැමිණෙන බව තමන්ට දන්වා ඇතැයි ද සිරිමල්වත්ත මහතා කීය.