ජනමාධ්‍යවේදීන් සදහා ජාත්‍යන්තර ඇකඩමියක් ලංකාවේ නිර්මාණය කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද(20) ඇසි දිසි ජනමාධ්‍ය
ශිෂ්‍යත්ව වැඩසහටහනට එක්වෙමින් පැවසීය.
‘අපි අලුත් ආණ්ඩුව යටතේ මාධ්‍ය නියාමන ක්‍රමවේදයක් හදුන්වලා දෙනවා ඒ සඳහා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ජනපති - අගමැති එය ඉතා ඉහලින් පිළිගෙන එයට අනුමැතිය ලබා දුන්නා. කිසිම දෙයක් අපි බලෙන් පටවන්නේ නැහැ. ජනමාධ්‍ය නිදහස තව දුරටත් තහවුරු කිරීම අපේ අරමුණයි‘ යැයි ද ඇමැතිවරයා කීය.






