ජනමාධ්‍ය ඩිප්ලෝමාවට අයඳුම්පත් කැඳවයි


කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශය මෙහෙයවන ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට 2017 වර්ෂය සඳහා අයදුම්පත් භාර ගැනීම ජනවාරී 13 වැනිදා දක්වා සිදු කෙරේ.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය වලින් පාඨමාලාව පැවැත්වෙන අතර සම්මුඛ පරික්ෂණයක් මගින් සිසුන් බදවා ගනු ලැබේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත හා අදාළ සේවා පළපුරුද්ද ඇති මාධ්‍යවේදීන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර නිදහස් මාධ්‍යවේදීහු, දැනට ලේඛන කටයුතුවල නිරත වන සාහිත්‍යවේදීහුද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණ ශිල්පීන්න්ට මෙම පාඨමාලාවට අයදුම් කළ හැකි බව සරසවිය කියයි.

වැඩිවිස්තර www.cmb.ac.lk වෙබ් අඩවියෙන් හෝ 011 2 500431 ජනමාධ්‍ය අංශයේ දුරකතන අංකයෙන් දැනගත හැකි බව විශ්ව විද්‍යාල ජනමාධ්‍ය අංශය කියයි.