ජනප්‍රියම භෞත චිකිත්සක සම්මානය ජාලියට


ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනයට සමගාමීව ගම්පහ සුමේධ රංග ශාලාවේ පැවැති වැඩිහිටි රෝග නිවාරණ වැඩසටහනේදී වසරේ ජනප‍්‍රියතම භෞත චිකිත්සකවරයාට හිමි සම්මානය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතාට හිමිවිය.

වසර 25 ක සේවා කාලයක් තුළ ලක්‍ෂ තුනකට අධික රෝගීන් පිරිසකට ප‍්‍රතිකාර ලබාදීම සහ ඔවුන් සමාජගත කර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සිදුකළ මෙහෙවර සහ ශ්‍රී ලංකා භෞත චිකිත්සාව මහජනතාව අතර ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් ඔහුට එම සම්මානය හිමිවිය.

මුද්‍රිත මාධ්‍ය තුළින් සෞඛ්‍ය ලිපි 500 කට අධික ප‍්‍රමාණයක්ද, විද්‍යුත් මාධ්‍ය හරහා වැඩසටහන් 200 කට අධික ප‍්‍රමාණයක්ද, භෞත චිකිත්සාව පිළිබඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථමවරට ග‍්‍රන්ථ දෙකක්ද ඔහු විසින් සංස්කරණය කර තිබේ. එමෙන් භෞත චිකිත්සක ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබාදීම, ළමා රෝහලේ භෞත චිකිත්සක අංශය දියුණු කිරීම සහ දිවයින පුරා දැවැන්ත ස්වේච්ඡුා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමද එහිදී ඇගයීමට ලක්විය.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ජාලිය උඩුවැල්ල මහතා දෙස් විදෙස් රටවල්වලින් භෞත චිකිත්සාව පිළිබඳ වැඩිදුර හදාරා ඇති අතර වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපතිවරයාද වේ.

DSCN0208 webDSCN0186