ජනපතිවරණය ජනවාරියේදී


ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරී මාසයේ දිනක පැවැත්වීම ස්ථිර බව විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා බලපිටියේදී පැවසීය.

ඉදිරි ජනපතිවරණයේදී  හැකි  නම් ජනාධිපති  අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරන බවද ගුණවර්ධන මහතා පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එසේ මෙසේ පක්ෂයක් නොවේ.පැරැණි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් මොන ප්‍රශ්න ආවත්  පක්ෂය හැරදා යන්නේ නෑ.තාම බලපිටියේ ඉන්නවා.අද අපි මැතිවරණ එන විට එපා බයයි කියලා කෑ ගහනවා.ජවිපෙ තමයි ඒක පටන් ගත්තේ .අනුරකුමාර දිසානායක මහතාට මම ප්‍රසිද්ධියේ  අභියෝග කරනවා අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට තරග කරන්න කියලා.එතකොට ලැබෙන ඡන්ද ගණන  ගණන් කරන්න බැරි තරමට ලැජ්ජා හිතේවි.ඒකයි රට වටේ සම්මන්ත්‍රන තියාගෙන යන්නේ.‘

‘ජවිපෙට දැන්  හිටපු අගවිනිසුරුතුමාත් එකතු කරගෙන.එතුමා හොඳ නිලධාරියෙක් ඒ ගැන මම මුකුත් කියන්නේ නෑ.හැබැයි මම මේවා කියනකොට මට හොරා කියලා ගහයි කමක් නෑ.හිටපු අග විනිසුරුතුමා  ජනාධිපතිතුමා ගැන මේ රැස්වීම් වලදී කතා කරේ ඉතාම පහත් අන්දමින් .හෙල්පින් හම්බන්තොට ගණු දෙනුවට ජනපති මහින්ද හිරේ නොදැම්මාට ජනතාවගෙන් සමාව ඉල්ලුවා.මේ රටේ මිනිස්සු ජනාධිපතිතුමා හිරේ දාන්න ඉඩ දෙයිද?සිංහල,දෙමළ,මුස්ලිම් දේශපාලනඥයන් මරපු අයගෙන් රට නිදහස් කරගත්තේ චන්ද්‍රිකාද?,රනිල්ද? නැතිනම් මොන නායකයාද?රුධිර ගංගාවක් නවත්තපු රට නිදහස් කරපු ජනපති මහින්ද හිරේ දාන්න ජනතාවට ඉඩ දෙයිද?මේ රටේ මිනිසුන් ඒකට සමාව දෙයිද?‘