ජනපතිත් ලෝකාපවාදයෙන් බේරූ බව රනිල් කියයි


යුද අපරාධ පිළිබඳව ජිනීවා නුවරදී කවර යෝජනා සම්ම කළත්, ශ්‍රී ලංකාවේ කිසිවකුටත් අන්තර්ජාතික යුද්ධාධිකරණයේ දී නඩු දැමීමට හෝ වෙනත් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගත නොහැකි යැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පොලොන්නරුවේ දී කීය. තමා අගමැති කාලයේ දී ඊට අදාළ ගිවිසුමට අත්සන් නොකළ නිසා රාජපක්‍ස ආණ්ඩුවේ ජනපතිට හා අගමැතටි ඇතුළු පිරිසට දඩයක් පමණක් ගෙවා බේරීමට හැකි බව ද ඔහු කීවේය. පාන් මිල වැඩි කළ රජය ජිනීවා ඇබැද්දියෙන් බේරා දෙන ලෙස විපක්‍ෂයෙන් ඉල්ලතියි වික‍්‍රමසිංහ මහතා රජයට සමච්චල් කෙළේය.