ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබුණු අතර ඒ වෙන්වෙන් ඔහුට සෙත් පැතීමේ විශේෂ ආශිර්වාද බෝධි පුජාවක් සහ සියක් නමකට ගිලන්පස පුජාවක් ද කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද සවස පැවැත්විණි.
ගංගාරාමාධිපති ගලබඩ ඥාණිස්සර නා හිමි විසින් ජනපතිට සෙත් පතා විශේෂ ආශිර්වාදයක් කළ අතර උපන්දිනය වෙනුවෙන් බුදු පිළිම වහන්සේ නමක් ද තෑගි කළහ.
මැති ඇමැතිවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ.