ජනපතිට වෙන්කළ මුදලින් සහන දෙනවා


රටපුරා ඇති ජනාධිපති නිල නිවෙස්වල නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී පමණක් කෑම බිල රුපියල් කෝටි 15.7ක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි. කොළඹ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අනුරාධපුරය, මහනුවර, මහියංගණය, කතරගම, ජනාධිපති මන්දිර හා තංගල්ලේ ජනාධිපති සම්බන්ධීකරණ කාර්යාලවල මේ මුදල් වියදම් කැර ඇති බවත් ඉන්ධන වියදම මෙතෙක් ගණනය කරගෙන යන බවත් ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කැර තිබූ රුපියල් කෝටි 10,000ක් වූ මුදලෙන් ඉදිරියේ දී අවශ්‍ය වන්නේ රුපියල් කෝටි 280 ක පමණ මුදල් බවත් ඉතිරි මුදල් අයවැයෙන් ලබාදුන් සහන සඳහා යොදවන බවත් ජනාධිපතිවරයා කීවේය.