(නිමල කොඩිතුවක්කු)
ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන ජනාධිපතිවරයාට විරුද්ධව මහජන දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුහ.
හැට දෙලක්ෂයක් ජනතාවගේන් මෙන්ම ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය පිලිබඳ කලකිරීමෙන් සිටින සියලූම මහජනතාවට මේ සදහා ආරාධනා කර සිටින බවද ඔවුන් සදහන් කළහ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(18) පැවත්වූ මාධ්‍ය හමුවකදි මේ බව සදහන් කල අතර එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේද කීවේය.
.‘‘‘ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමත් සමඟ දැන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දේශපාලන අර්බුධයක් ඇතිවෙලා තියෙනවා. මතක නැද්ද 2015 ජනවාරි මාසයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා මගේ කැමැත්තට පත් කළ බව කියලා මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම පිලිබ`දව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරලා තිබුණා.
එතකොට ජනාධිපතිවරයා කටයුතු කලේ 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවට අනුවයි. අපි 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවක් පෙබරවාරි මාසයේදී ගෙනාව බව ජනාධිපතිවරයාට මතක නැද්ද කියලා අපි අහනවා.
2015 අගෝස්තු මහමැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්ත රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති බවට පත් කර ගත්තා. මේක දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා. එහෙම තිබියදී තමයි ඔක්තෝම්බර් 26 සිකුරාද වූ අනීතික ක‍්‍රියාවලිය දිගින් දිගටම කටයුතු කරගන්නේ.
විශ්වාසභංගයේ පළවෙනි වගන්තිය පාර්ලිමේන්තුව තුළ සම්මත විම ඉවත් කර ගැනිමට දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ඒතුමාට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයකට මුල් විය හැකි නිසා තමයි මේ පියවර ගෙන තිබෙන්නේ.
මේ ව්‍යවස්තා විරෝධීව කටයුතු කරන ජනාදධිපතිවරයාට විරුද්ධව මහජනතාවගේ දෝෂාභියෝගයක් ආරම්භ කල යුතුයි කියළා හැට දෙලක්ෂයක් ජනතාවගේන් වගේම කළකිරිලා ඉන්න මේ රටේ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. අපි එතුමන්ට දුන් ඡන්ද අවලංගු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි. අලූත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම වෙනුවෙන් අපි සියලූදෙනා කටයුතු කළ යුතුයි.