ජනපතිට ජර්මනියෙන් හරසර


ජර්මනිය වෙත පැමිණි ශ්‍රී  ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇන්ජලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය විසින් උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී දෙරටේ ජාතික ගී වාදනය කෙරුණු අතර ලක් ජනපති වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමිණි.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා දූත පිරිසේ අමාත්‍ය මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහත්වරුන් ද සහභාගී වූහ.

president_201621701 president_201621702 president_201621703 president_201621704 president_201621705 president_201621706

ඡායාරූප - සුදත් සිල්වා