ජනපතිට උතුරේ හරසර


‘‘රජයට විරුද්ධ වුවාට කමක් නෑ හොදට ඉගෙන ගන්නා ලෙස දරුවන්ට කියන්න. පාසල් හා සරසවි සමයේ හොදට ඉගෙනගන්න කියන්න.දරුවන් ගැන මව්පියන් වග කියන්න ඕනෑ ඔවුන් කරන දේ හොයා බලන්න ඕනෑ‘‘මහින්ද රාජපක්ෂ ජනපති යාපනයේදී එසේ පැවසුයේ යාපන සරසවි සිසුන් දෙදෙනකුගේ මව්පියන් අමතමිනි.

 හින්දු සිරිතට ජනපති මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජනමේ ජයන් හා දර්ශ නන්ද් නම් සරසවි සිසුන් දෙදෙනා මුදා හරින්නැයි ඔවුන් ජනපතිගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් නිදහස් කරන ලෙස ජනපති පොලිස්පතිට නියෝග කළේය.ජනපති චුන්නාකම් හිදී ජනනී විදුලිබලාගාරය විවෘත කළේය එයට වැය වු මුදල රුපියල් කෝටි තුන්සීයයකි.නාගදීප නව ජැටිය හා වාහල්කඩද විවෘත කළේය.යාපන දිස්ත්‍රික් සමිබන්ධිකරණ රැස්වීමේද මුලසුන හෙබැවීය.