ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ බිරිය ජයන්ති සිරිසේන මහත්මිය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබුහ.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් උළෙලකට සහභාගීවීම සඳහා ඔහු ලන්ඩන් බලා ගියේය.
ජනපති පිළිගැනීමට දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයකුද ගුවන් තොටට පැමිණ සිටියාය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සහ සමාජීය තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කැර ගැනීමට අවස්ථාවක් දෙන ලෙස බ්‍රිතාන්‍ය වසන ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එවැනි හමුවක් පවත්වන බව දැන ගන්නට ඇත.




