ජනපතිට - අගමැතිට වඩා වන්නිලැත්තන් හොඳ නායකයෙක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආදිවාසී නායක වන්නියලැත්තන් ජනාධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට වඩා හොඳ නායකයෙක් බව පිළිගෙන තිබෙන බවත් කවුරුන් හෝ ගෙනත් මේ ප්‍රශ්නය විසඳිය යුතුව ඇති බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (7)පැවසුවාය.

මේ ඇඟේ හයිය ,කටේ හයිය නොව මොලේ හයිය පෙන්විය යුතු කාලයක් බව කී රෝහිණී විජේරත්න මහත්මිය මිනිස්සුන්ගේ ඇඟේ දැන් දුවන්නේ ලේ නොව කඳුළු යැයි ද ඔවුන්ට වෙඩි තබන්නට එපා යැයි ඉල්ලා සිටින බවද පැවසුවාය.

වත්මන් ලාංකික අර්බුදය පිළිබඳ  පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින් රෝහිණී විජේරත්න මහත්මිය මේ බව පැවසුවාය.