ජනපතිගේ මස් කතාව පරිවර්තක මස් කරයි


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා හින්දු භක්තිකයන්ගේ පූජනීය සතකු වන ගවයා පිළිබඳ උත්සවයකදී අදහස් දැක්වීය. ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට පිටරටින් ගවමස් ගෙන්වීමට මුදල් ඇමැතිවරයාට යෝජනා කරන බවත් ජනපති කී අතර පිටරට මැරවත් මෙරට මැරුවත් සත්ව හිංසනයට තමා විරුද්ධ බවත් මස් නොකන බවත් ජනපති එහිදී අවධාරණය කළේය.

එම කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තකයකු එහි සිටි අතර ඔහු දෙමළ භාෂාවෙන් කීවේ ජනපති ගවමස් නොකන බවයි. ‘නාන් ඉරච්චි සාප්පට නල්ල‘ ඒ ඇසූ ජනපති කීවේ තමා ගවමස් පමණක් නොව කිසිම මසක් නොකන බවයි. (ඉරච්චි නෙමෙයි හැම මසක්ම) වහා තම වරද නිවැරදි කරගත් පරිවර්තකයා වඩාත් උස් හඬින් ජනපති කී දේ යළි අවධාරණය කළේය.