ජනපතිගේ ජිප් රියකුත් විකුණන්න හදලා


ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ අධි සුඛෝපභෝගී ජිප් රියක් ලබා දෙන බව කියා මොරටුවේ විශ්‍රාමිකයකුගේ රුපියල් හැට ලක්ෂයක් වංචා කළැයි කියන පුද්ගලයකුගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට ඉඩකඩ සලසන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කවින්ද්‍යා නානායක්කාර මෙනවිය මහර බන්ධනාගාරයට අද නියෝග කළේය.

හම්බන්තොට වරාය තැනීමට යොදා ගත් වාහන දෙන බව පවසා මරඳගහමුල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දෙකෝටියක් ගත්තැයි   මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිය දැන් රිමාන්ඩ් බාරයේ පසුවෙති.

මුදුන්කොත්ගේ අනුර හා අයිරාංගනී ලියනආරච්චි එම දෙදෙනායි.