ඕස්ට්‍රේලියාව සමග පැවැති පන්දුවාර 20-20 දෙවැනි ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දුරකතන ඇමතුමක් දුන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කණ්ඩායමට සුබ පැතුම් පිරිනැමුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට දුරකථන ඇමතුමක් දුන් ජනපති සිරිසේන මහතා මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙනදෙන බවද ප්‍රකාශ කළේය. තරගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ අසේල ගුණරත්නටද ජනාධිපති සිරිසේන මහතා සිය විශේෂ සුබ පැතුම් පිරිනැමීය.

