ජනපති ’’භාවනාවක ශාන්තිය’’ට


(අංජුල මහික වීරරත්න)

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජයවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන්‌ කොළඹ 7, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

ඉරෝමි විජයවර්ධන මහත්මියගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් 'Celebration of women' යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි 

 දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලබන වින්ස්ටන් සුලුදාගොඩ මහතා  'භාවනාවක ශාන්තිය' තේමාව යටතේ සිය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය දයාන් ජයතිලක, සුජාන් විජයවර්ධන,  ලුසිල් විජයවර්ධන, නටාලි විජයවර්ධන, මාලන් ජයවර්ධන, රෝෂිණි ගුණරත්න, ශිරානි තේනබදු, නිහාල් තේනබදු, ප්‍රවීන කලා ශිල්පී, කලාශූරී එස්. එච්. සරත්  මහත්ම මහත්මීහුද මීට සහභාගී වූහ.