අඟුණුකොළපැලැස්සේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට ගිනි අවියක් රැගෙන ගිය බව කියන හමුදා කෝප්‍රල් රහස් පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු බව කියන මොහු එදා ජනපතිගේ රැස්වීමට ගොස් ජනපති ළඟටම ගියේ කෙසේ ද යන්න රහස් පොලිසියට ප්‍රශ්නයක් වී ඇත.
සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට හමුදාවේ ආරක්ෂකයන් නොදෙන බවත් එහෙත් මොහු රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වූයේ කෙසේ ද යන්නත් පොලිසිය සොයයි.
අවියක් ඇතිව ජනපති ළඟටම ගිය ඔහු එදා පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් අත්අඩංගුවට ගෙන ජනපති ආරක්ෂක අංශයට භාරදීමෙන් පසුව මුදාහැරිණි.

