ජනපති හෙට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය හෙට (24) ඇමතීමට නියමිතය.

ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇත.

එහිදී ජනාධිපතිවරයා  රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ගුවන් තොටින් ඊයේ (22) රාත්‍රී ඇමරිකාව බලා පිටත්ව ගියේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට  නියමිතය.

ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද මෙහිදී  සහභාගී වනු ඇත.