ජනපති හෙට උතුරට


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාව හමුවීම සඳහා  හෙට (31) යාපනය බලා පිටත්ව යයි.

ජනාධිපතිවරයා එහිදී වැල්වැටිතුරේ සහ චාවකච්චේරි ජනහමු ඇමතීමටද නියමිතව ඇත.

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේ දී ද අනුර දිසානායක මහතා නියෝජනය කරන ජාතික ජන බලවේගයට උතුරු පළාතෙන් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි විය.