ජනපති හිටි ගමන් රන්ගිරි දඹුලු මහ නාහිමි හමුවේ


මහින්ද රාජපත්ෂ ජනාධිපති මින් මද වේලාවකට පෙර දඹුල්ලට පැමිණ සියම් නිකායේ රන්ගිරි දඹුලු පාර්ශවයේ මහානායක ඉනාමළුවේ සුමංගල නාහිමියන් සමග සාතච්ඡා කිරීමට උයන්වත්ත රජ මහා විහාරයට පැමිණියේය.

මහානාහිමියන් සහ ජනපති අතර කුමක් සාකච්ඡා වූයේ දැයි නොදන්නා මුත් දඹුල්ල පූජා භූම් සැලැස්ම මාස 6 කින් ක්‍රියාත්මක කරන ලෙස ජකපති කළ නියෝගයට ඉරිදාට වසරක් සපිරේ. මහානාහිමියන් මෑතදී ජනපතිට ලිපියක් ලියමින් කියා සිටියේ සමහර ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සහ නිලධාරීන්ගේ කඹ ඇදිල්ලක් නිසා ජනපති නියෝගය පවා ක්‍රියාත්මක නොවන බවයි.