ජනපති හදවත් දින පාගමනේ


ලෝක හදවත් දිනය සමරමින් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී අද පාගමනකට එක් විය.එම පාගමන ශ්‍රී ලංකා හදවත් සංගමය විසින් සංවිධානය කර තිබිණි.

"සෞඛ්‍ය සම්පන්න ජීවන ක්‍රම හා ආහාර පුරුදු ඇතිකර හදවත් රෝග ඇතිවීම වළක්වා ජීවිතය බලගන්වා ගැනීම” යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාවයි.

ලෝක හදවත් දින සැමරුම හා සමගාමීව පාසල් දරුවන් අතර පැවති පෝස්ටර් සහ චිත්‍ර තරගයේ ජයග්‍රහාකයින්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති අතින් සිදු විය.එම චිත්‍ර හා පෝස්ටර් නැරඹීමට ද ජනාධිපති එක් විය.

01 02 03 04 05 06 07 08