ජනපති සීෂෙල්ස් යයි


(ටී.කේ.ජී.කපිල )

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය .

ජනපති සමඟ තවත් 18 දෙනෙකු දූත පිරිස ලෙස මෙම සංචාරය සඳහා  එක් වී සිටියහ .

මෙම පිරිස අද (8) අලුයම 2.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 707 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සීෂෙල්ස් බලා පිටත්ව ගොස් තිබේ.

 

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර බදාදා (10) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.