අලුත් සහලින් සිරිමා බෝ රදුන් පිදීමේ රජ සිරිත අනුව යමින් මහින් රාජපක්ෂ ජනපති මැති ඇමතින් පිරිවරාගෙන අද ඓතිහාසික ශ්‍රී මා බෝධියට පූජා කළේය.
රජරට ගොවියා අස්වැන්න කපා පාගා ගැනීමෙන් පසුව ප්‍රථම භාගය හෙවත් අග්‍රය බුදුන්ට පූජා කිරීම එදා සිටම පැවත එන සිරිතකි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හා රුවන්වැලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමිවරු ද මේ අවස්ථාවට එක් වූහ.