ජනපති සමඟ සාකච්ඡා කරන්න ඕනෑ බව ඇමැති විජයදාස කියයි


ආරියරත්න රණබාහු, සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී 
 
බහුතර බලය ඇති කණ්ඩායමකට රටේ පාලන බලය ලබා දී රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පැත්තෙන් කැමැත්තක් ඇති නිසා ඔහු සමඟ සාකච්ඡා කරන්නැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
 
අතීතයේ සිදුවූ වැරදි අමතක කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මත් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන බවට ඇති විශ්වාසය නිසා මෙම ඉල්ලීම කරන බවද ඇමැතිවරයා කීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) රැස්වූ පාර්ලිමේන්තු රැස්වීම අමතමිනි.