මෛත්‍රිපාල සිරිසේන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස ඒකමතිකව පත් කළ බව ශ්‍රී ලංකා නිදස් පක්ෂ මධ්‍යම කාරක සභාව හා විධායක කාරක සභාව අද (16) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඒකමතිකව තීරණය කළේය.
හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ අනුශාසකවරුන් ලෙස පත් කරනු ලැබුහ.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ජනපතිවරණයට පෙර ඉවත් වු පිරිසට පසුගිය රජය මහින්ද රාජපක්ෂ මහතා විසින් අහෝසි කැරැණු සාමාජිකත්වය යළි ලබා දීමටද තීරණය විය.
‘අද රටේ තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් . ජනාධිපති ශ්‍රිලනිපයෙන්. අගමැති එජාපයෙන්. ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයාත් සෙසු පාක්ෂීකයනුත් සමඟ සහජීවනයට කාලය ඇවිල්ලා.හැම දෙනා සමඟම මිත්‍රත්වයෙන් ,එකමුතුකමින් , සාමයෙන් ජීවත් වෙමු.‘ යනුවෙන්ද ජනපති සිරිසේන මහතා කීවේය.

