ජනපති වියට්නාමයට


(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ  තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (03) පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

එතුමා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු 05 දෙනෙකු මෙම සංචාරයට එක් වී සිටිති.

ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් අද (03) දින පස්වරු 05.25ට පිටත්ව ගියහ .

ඉන්පසුව තවත් වෙනත් ගුවන් යානයකින් වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතය .