ජනපති විදුලි බිල අඩුකරයි


විදුලි ඒකක  60 දක්වා විදුලි බිලේ වෙනසක් සිදු නොකරන බවත් ඒකක 180 දක්වා සහනයක් දෙන බවත්  ජනපති මහින්ද රාජපක්ෂ මහතා කැම්බල් පිටියේ මැයි රැලියේදී ප්‍රකාශ කළේය.  

විදුලි බිල වැඩි කිරීමට එරෙහි රට පුරා උද්ඝෝෂණ පැවැත්වීය.එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්තා පෙරමුණ එහි මුල් තැන ගත්හ.

මහින්ද රාජපක්ෂ ජනපති මෙසේ කීවේය. ‘‘එක්සත් ජාතික පක්ෂ කාලයේ විදුලි බලාගාර කලට වේලාවට ඉදි කෙළේ නැහැ. අප එම බලාගාර ඉදි නොකෙළේ නම් ජනතාවට යන්න වෙන්නේ පන්දම් පත්තු කරගෙනයි. එක්සත් ජාතික පක්ෂය දැන්  හැම තැනම පෙන්වන්නේත් ඒකමයි‘‘.