(නාලක සංජීව දහනායක)
තමන් නැවත දිවයිනට පැමිණෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය වසා දමන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පක්‍ෂ මූලස්ථානයේ නිලධාරී මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පසුගිය 24 වැනිදා සිට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය වසා දමා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට තායිලන්තයේ සංචාරයක නිරතව සිටින අතර ඔහු නැවැත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස 31 වැනිදාය.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ වසර අවසානය බැවින් පක්‍ෂ මූලස්ථානයේ නිලධාරීන්ට හා සේවකයන්ට නිවාඩු ලබාදුන් බවය.
මේ මස 31 වැනිදා පක්‍ෂයේ නිර්මාතෘවරුන් සිහිපත් කරමින් කතරගමදී පවත්වනු ලබන පිංකමින් පසුව ජනවාරි මස පළමුවැනිදා නැවැත පක්‍ෂ කාර්යාලය විවෘත කරන බවද ඔහු සඳහන් කළේය.