ටී.කේ.ජී.කපිල
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද (30) අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම පිරිස 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට පිටත්ව ගොස් තිබිණි.