ජනපති මෛත්‍රී ලබන සතියේ සීෂෙල්ස් සංචාරයක


(තිළිණි ද සිල්වා)
 
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ සීෂෙල්ස් දූපත් බලා පැමිණෙන බව එරට විදේශ සේවා කාර්යාලය අද (03) නිවේදනය කළේය.
 
ඒ අනුව ලබන 08 වැනිදා සිට 10 වැනිදා තෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරට සංචාරයක නිරත වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඉහළ පෙළේ දූත පිරිසක්ද මෙම සංචාරයට එක්වීමට නියමිතය.
 
දෙරට අතර තානාපති සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් සී ෂෙල්ස් ජනාධිපති ඩැනී ෆුරේ මහතා  කළ නිල ආරාධනයක් පිළිගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන බව එරට විදේශ සේවා කාර්යාලය කියා සිටී.
 
සී ෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ආරම්භ කර හෙටට (04)  වසර 30 ක් සපිරෙන අතර 2013 වසරේ දී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කෙරිණි.