ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී මෛත්‍රිපාල සිරිසේන මහතා මීට වසරකට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සේවකයන්ට ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් සේවකයන් 2344 දෙනෙකුට අද (17දා) ස්ථිර පත්වීම් ලබා දුන්නේය.
2014 වසරේ දෙසැම්බර් 17 වැනි දා මැතිවරණයට පෙර ජනතාවට ලිඛිතව හා වාචිකව දුන් සියලු පොරොන්දු ආණ්ඩුවේ නිල කාලය වන අවරුදු පහ තුළ ඉටුකර දිම තම ප්‍රධානතම ඉලක්කය හා බලාපොරොත්තුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට පොරොන්දු රැසක් ඉටුකර අවසන් බවත් දැනටමත් ආණ්ඩුව පිහිටුවා වසරක් ගත වී නැතත් දේශපාලන ප්‍රතිවාදින් සෑම දෙනාම ආණ්ඩුව විවේචනය කරන්නේ අවුරුදු දහයක් පමණ බලයේ සිටි ලෙස සිතාගෙන යැයි ද සිරිසේන මහතා කීවේය.
මේ පිරිස ආණ්ඩුව කඩා වැටෙන තුරු බලා සිටිති පැවසු ජනපති පරාජිත සමහරු තම කේන්දරය ලබාගෙන මැරෙන දවස බලමින් සිටින බවද සැලවෙතියි ප්‍රකාශ කළේය.
පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී සේවකයන් පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ලබාදෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසුවේය.
(ජායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක)






