ජනපති මැඳුරෙනුත් හොරට ළමයින් දාලා


කොළඹ  රාජකීය විද්‍යාලයයේ  නව තෙමහල් ගොඩනැගිල්ල  විද්‍යාලීය  ආදී ශිෂ්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) විවෘත කළේය.

 පාසලේ 2 වසරේ  හා 4 වසරේ  දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම  ගොඩනැගිල්ල ඉදි විය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ,ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  ආචාර්ය හර්ෂ ද සිල්වා බස්නාහිර පලාත් සභා මන්ත්‍රි  හර්ෂණ රාජකරුණා යන ආදී රාජකීයෝ ද  රාජකීය විදුහල්පති  උපාලි ගුණසේකර  මහතාද මෙම අවස්ථාවට එක් වුහ.

අධ්‍යාපන  ඇමැති මෙසේ කීවේය.

‘නව රජයක් විදියට අපි බලන්න ඕනෑ හෞතික සංවර්ධනයට වඩා ගුණාත්මක සංවර්ධනයක් මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කරන්න.මම බය නැතිව කියනවා  පසුගිය කාලේ ‘කාල්ටන් පෙරපාසල්‘ වලින්  කොළඹ ඇතුළු රට පුරා  ජාතික පාසල්වලට දරුවන් දහස් ගණනක්  දේශපාලන හයිය මත දාලා තියෙනවා.ජනාධිපති මන්දිරවල ලිපින යටතේත් ළමයින් දහස් ගණනක් දාලා තියෙනවා. ඒවා ඔක්කොම නීතී විරෝධි වැඩ.අපි මේ ක්‍රම ඔක්කෝම වෙනස් කරන්න ඕනෑ.අන්න ඒක තමයි අපි අමාත්‍යංශයක් විදියට තීරණයක් ගත්තේ  කිසිදු දේශපාලන බලපෑමක් මත දරුවන්ට පාසල් වලට ඇතුළත් කිරීම මින් මතුවට තහනම් කරන්න

_KSR4614 _KSR4648 01 RDS_2189 RDS_2217 RDS_2224 RDS_2226 RDS_2228 RDS_211981