‘ජනාධිපති මන්දිරයේ කිසිම දේශපාලකයකුගේ ගුණ සමරා නැහැ. එහෙත් ෆිදෙල් කස්ත්‍රෝ වැනි සමස්ත මානව ප්‍රජාවේ ගෞරවයට පාත්‍ර වුණු චරිතයක් සමන්න මම රටේ ජනපති මන්දිය යොදා ගන්න තීරණය කළා.’
‘දැන් ලෝකයේ කස්ත්‍රෝ නැති වුණාට බැටිස්ටාලා ඉන්නවා. ලෙනින්ලා නැති වුණාට සාර්ලා ඉන්නවා. කස්ත්‍රෝ නායකයකු ලෙස කියුබාවේ කළ වෙනස්කම් සහ ආදර්ශ හින්දා ඔහු අපිට සහ ලෝකයට වැදගත් වෙනවා’ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රකාශ කළේය.
කතානායක කරු ජයසුරිය මහතා ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිවරිය යුවානා එලියානා රාමෝස් මහත්මිය සහ මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සමරු උත්සවයට සහභාගී වුහ.