ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාර්තු මාසයේදී බංග්ලාදේශයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත.
එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව එම සංචාරය සූදානම් කර ඇත.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදු කෙරෙන දින වකවානු මේවන තෙක් තීරණයක් ගෙන නොමැති අතර දෙරටේ විදේශ අමාත්‍යාංශ විසින් ඊට අදාළ කටයුතු සිදු කරමින් සිටින බැව් වාර්තාවේ.

