ජනපති මහා සංඝරත්නය හමුවෙයි


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දවුල්දෙන ඥානිස්සර අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමි, කෝට්ටේ කල්‍යාණි සාමග්ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක දොඩම්පහළ චන්ද්‍රසිරි , මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හා පොදු විපක්ෂ අපේකෂයකු ඉදිරිපත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි හා කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බඩ ඤාණිස්සර හා නාහිමි බැහැ දැක්කේය.

ජනපති දියණිය චතුරිකා හා ඇගේ සැමියාද ජනපති සමඟ එම ගමනට එක්වූහ. මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර ජනපතිට සෙත් පැතූහ. කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ආරක්ෂකයන් කිහිප දෙනකු පමණක් ජනපති සමඟ ගමන් කිරීමයි.

DSC_2373 DSC_2382 DSC_2394 DSC_2403 DSC_2417 DSC_2432 DSC_2447 DSC_23983

ජනපති කෝට්ටේ නාග විහාරයේදී (ඡායාරූප - ශාන්ත රත්නායක)

GLA_9710 GLA_9762 GLA_9777 GLA_9791 GLA_9805 GLA_9828 GLA_9848 GLA_9890

ජනපති ගංගාරාමයේදී (ඡායාරූප - ගයාන් අමරසේකර)