ජනපති මව්බිමට එයි


(අංජුල මහික වීරරත්න සහ ටී කේ ජී කපිල)

ජර්මනියේ නිල සංචාරයකට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ජනාධිපති අනුර දිසානායක මහතා ඉකුත් 11 වැනිදා ජර්මනියට පිටත්ව ගියේ ජර්මන්  ජනාධිපතිවරයාගේ නිල ආරාධනයකට අනුවයි.

අනුර දිසානායක මහතා ජර්මනියේදී නිල හමු ගණනාවකට සහභාගී වූ අතර ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක්ද අමතනු ලැබීය.