ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී


(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මල්වතු මහා විහාරය⁣ට අද (6) ගොස්  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නායක  නා හිමි බැහැ දුටුවේය.

පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නා හිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත විය.