
(අංජුල මහික වීරරත්න)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගී වීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (9) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමිවරු වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේගේද සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.


